බක් මහේ ජනක්‍රීඩා
ඔංචිලි පැදීම - සිංහල ජන ක්‍රීඩා අතර
ඔන්චිලි පැදීමට හිමිවන්නේ ප්‍රමුඛස්‌ථානයක්. ගෙවිලියන් විසින් එළිමහනේ ගසක
අත්තක කඹයක් භාවිතයෙන් තනාගන්නා ඔන්චිල්ලාවක සිදුකරනු ලබන ඔන්චිලි පැදීම
අලුත් අවුරුද්දට සැබෑ සුන්දරත්වයක් එක්කරනු ලබයි. වයස් සීමාවකින් තොරව බාල
මහලු සැවොම එකතුවී ඔන්චිලි පැදීම සිදුකෙරුණත්, බොහෝ විට මේ සදහා කාන්තා සහභාගීත්වයක් වැඩිවශයෙන්
දක්නට ලැබේ. ඔන්චිලි කවි නැතහොත් "ඔන්චිලි වාරම්" ගැයීම මෙකී ජන ක්‍රීඩාවේදී
සිදුකෙරේ.
පංච දැමීම - මුහුදු
බෙල්ලන් හය දෙනෙක් අතට ගෙන දෑත්ගුලිකර මිටිමොලවා මුනින් අතට හැරවූ පොල්
කට්ටක් මතට හෙළීමෙන් පසුව උඩුබැළි අතට පිහිටන බෙල්ලන් ගණන හෝ මුනින් අතට
පිහිටන බෙල්ලන් ගණන ගණන් කොට පංච පෙතේ ඉත්තන් ඉදිරියට ගමන් කරවමින් ජයග්‍රහණය
කිරීම මේ ක්‍රීඩාවේ ආකාරයයි. බොහෝ විට මේ ක්‍රීඩාව සදහා පවුලේ සියලුම සාමාජිකයන්
සහභාගි වන අතර, දෙපිලකට
බෙදී ක්‍රීඩාවේ යෙදෙනු දැකිය හැකිය.
ඔළිද කෙළිය - ගැමි
කාන්තාවන් අතර ජනප්‍රිය තවත් එක් ජන ක්‍රීඩාවකි ඔළිද කෙළිය. ඔළිද ඇට සහිත
ඔළිද පෝරුවක් යොදා ගනිමින් සිදුකරනු ලබන මේ ක්‍රීඩාව සදහා බොහෝ විට සහභාගිවනු
ලබන්නේ ගැමිලියන්ය. ක්‍රීඩාවේ යෙදෙන අතරතුරදී ගැයෙන කවි "ඔළිද
කෙළිය" නමින් ප්‍රසිද්ධයි.
වළකජු ගැසීම - ප්‍රදේශයෙන් ප්‍රදේශයට
ආවේණික වන ආකාරයට හැඩ ගසාගෙන ඇති මෙකී ජන ක්‍රීඩාව කුඩා වයස් සීමාවල සිටින
පිරිමි දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ ක්‍රීඩාවකි. අවුරුදු සමයට බහුලව
හටගන්නා කජු ඇට මේ සදහා භාවිතා කරනු ලබයි. ක්‍රීඩාව සදහා තෝරාගනු ලබන කජු ඇට
සියල්ල සලකුණු කරන ලද ස්ථානයක සිට දුරකින් ඇද ඇති අඩකවයකින් හෝ සීමාවකින්
ඔබ්බට විසි කල යුතුය. තරගකරුවා එලෙසින් විසි කරන ලද කජු ඇටවලින් එකකට එක්
වරක් බැගින් අනෙක් කජු වල නොවදින සේ පෙත්තෙන් ගැසිය යුතුය. ඉලක්කය හරි
ගියොත් ඒ සියල්ලම ඔහුට හිමිවෙයි.
කැට ගැසීම - කැටගැසීමේ
ක්‍රීඩාව තරුණ පිරිමි පාර්ශවය අතර වඩාත් ජනප්‍රියයි. ගෙදර මිදුලක හෝ එයටම
වෙන්වූ කැට පොළකදී සිදුකරනු ලබන මේ ක්‍රීඩාව සදහා පැති හයකින් යුතු කැටයක්
යොදා ගැනේ. බිත්තියකට හෝ යම්
අධාරකයකට හේත්තු කරන ලද ලෑල්ලකට දුරසිට කැටයෙන් දමා ගසමින් කැටය නවතින විට
තිබිය හැකි පැත්ත කලින් කියා ක්‍රීඩා කිරීම මෙහිදී සිදු කෙරේ.
චක්ගුඩු පැනීම
රබන් ගැසීම
බනිස් කෑමේ තරගය - දෙකෙළවර
රිටි දෙකක බදින ලද ලණුවක සමාන දුරින් බනිස් ගෙඩි කිහිපයක් එල්ලා තබනු ලබයි.
තරගකරුවන්ගේ දෙඅත් ගැට ගසන අතර, තරගකරුවන් යම් දුරක
සිට දිවගොස් කිසිවකුගේ කිසිදු උපකාරයක් නොමැතිව, අන්අය
අභිබවා තමා තෝරාගත් බනිසයක් පළමුවෙන්ම කා අවසන් කිරීම ජයග්‍රාහකයා වීමට
සුදුසුකමකි. බොහෝවිට මෙහිදී තරගකරුවන් යොදා ගැනීමේදී වයස් සීමාවන් සැලකිල්ලට
ගනු ලබයි.
කොට්ට
පොර ගැසීම - කොට්ට පොරයට බිම සිට අඩි හයක් පමණ උසකින් හරස් පොල්ලක් බැද ගනී. එය
"දණ්ඩියම" ලෙසින් හැදින්වෙන අතර මේ සදහා සවිමත් පුවක් ගසක් භාවිතයට
ගැනීම පාරම්පරික සිරිතකි. තරගකරුවන් දෙදෙනා මුහුණට මුහුණ බලා දණ්ඩියම මත කකුල්
පහලට දමා ඉදගන්නේ අත දිගු කර පහර දිය හැකි තරම් සමීපවයි. පහර දෙන්නේ පුළුන් පිරවූ
කොට්ටයකිනි. ඒ සදහා තරගකරුවන් තමන්ට හුරු අත භාවිතා කල හැකි අතර, අනෙක් අත
පිටුපසට කර බැද ගතයුතු වෙයි. ඒ අතින් ඇල්ලීම තහංචිය. ප්‍රතිවාදියා මුහුණට පමණක්
පහර දිය යුතු අතර, එසේ මුහුණට පහර දෙන විට සිරුරත් මනසත්
සමබරව තබාගත හැකි නම් ජයග්‍රාහකයාට දණ්ඩියම මත නොවැටී සිටිය හැකිය. හෙළයේ මහා
මංගල්‍යය යෙදෙන බක් මහේ සිදුකෙරෙන තවත් එක් පාරම්පරික ජන ක්‍රීඩාවක් වූ කොට්ට පොර
ගැසීම අංගම්පොර සටන් කලාවෙන් දායාදය වුනු ජන ක්‍රීඩාවක් ලෙස සැලකේ.
කණා
ඇල්ලීම - මේ ක්‍රීඩාව
සදහා බොහෝ විට ස්ත්‍රී පුරුෂ පාර්ශවයන් දෙගොල්ලම සහභාගී වන අතර, ගෙමිදුලක් හෝ
බාධක වලින් තොර ඉඩපහසුකම් ඇති බිමක් තෝරා ගැනීම සිදු කෙරෙයි. තෝරාගත් බිමේ රවුමක්
අද ගනියි. තරගකරුවන් නිශ්චිතව සංඛ්‍යාවක් නොමැති වුවත් වැඩි වන තරමට විනෝදය වැඩිය.
පළමුව එක් අයෙක් කණා ලෙස තෝරා ගනියි. මේ සදහා ඔහුගේ/ඇයගේ දෑස රෙදි කඩකින් නොපෙනෙන
ලෙසට බැදගතයුතු වෙයි. කණා රවුම මැදට යොමු කරන අතර, තරගයේදී ඔහු
රවුම් තුල වටේට දුවමින් පිරිස අල්ලයි. කණා රවුමෙන්
පිටතට යෑමක් සිදුවුවහොත් නැවත ඇතුලට කැදවා ගෙන එන්නේද තරගකරුවන් විසින්මය. කනා
ඇල්ලීම නැතහොත් රවුමෙන් තරගකරුවන් පිටට ගියේනම් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස කනා
ඇල්ලීමෙන් ඉවත් වේ. අවසානයට ඉතිරිවන්නේ ජයග්‍රාහකයායි.
ගස්
කට්ටි පැනීම - මේ සදහා ගස් කොළන් සහිත එළිමහන් ස්ථානයක් තෝරා ගැනේ. තරගකරුවන් පස් දෙනෙකු පමණ බොහෝ විටදී ක්‍රීඩා කරන බැවින් අවම වශයෙන් එකිනිකෙට ආසන්නව පිහිටි ගස් කිහිපයක් හෝ ඉනි හතරක් තෝරා ගනියි. මෙහිදී ගස් හතරට තරගකරුවන් හතර දෙනෙකුද මැද සිට ගස් රකින්නා වශයෙන් පස් දෙනෙකුටද
එකවර ක්‍රීඩා කල හැකිය. ගස් හතර හිමි තරගකරුවන් තමනට කැමති ලෙසට එක් ගසකින් තවත් ගසකට මාරු
විය යුතු වේ. ඒ ලැබෙන අවසරයෙන් ගස් රකින්නා වහා දිව ගොස් ගසක් අල්ලා ගනියි. එවිට
ගසක් අහිමිවූ තරගකරු ගස් රකින්නා ලෙස මැදසිට නැවත ක්‍රීඩා කිරීම පටන් ගත යුතු වෙයි.
ගස් කට්ටි පනින විට එකම ගසක පමණට වඩා රැදී සිටීම තහංචිය. එසේ
වුවහොත් එම තරගකරුට එම ගස අහිමි වනවා පමණක් නොව ගස් රකින්නා ලෙසින් ක්‍රීඩා කල යුතු වෙයි.