නුතන සිංහල ජන සංගීතයේ මුලාරම්භය සේ සැලකිය හැකි ජන කවි ඈත අතීතයේ පටන්ම සිංහල ජනයා අතර ප්‍රචලිත වෙමින් පාරම්පරිකව පැවතගෙන එන්නකි. මෙහි විශේෂිතම ලක්ෂණය වන්නේ ජන කවි සදහා පැහැදිලි නිර්මාණකරුවෙකු නොමැති වීමත්, එයටම ආවේණික වූ රිද්මයක් පැවතීමත්ය. එදා එකිනෙකා තමතමනට උරුම වූ රැකියාවල නිරත වෙද්දී අත්විදීමට සිදුවුණු කටුක අත්දැකීම්, සෙනෙහෙබර හැගුම් අව්‍යාජව, නිර්භයව ප්‍රකාශ වූ මාධ්‍යයක් ලෙස සිංහල ජනකවිය අර්ථ දැක්විය හැකිය.
එවන් වූ අතීතයක් හිමි අපේ ජනකවි අතර පතල් කවි වලට හිමිවන්නේත් සුවිශේෂී ස්ථානයක්. එදා මිනිරන් ඉල්ලමක් සොයා ජීවත්වන්නට මහපොළවත් සමග කටුක සටනක යෙදුනු පතල්කරුවා ස්වකීය ජීවන වෘත්තියේ තමන් අත්විදි පාලුව, තනිකම, කටුකබව හා බිය දුරුකර ගැනීම උදෙසා ගැයූ කවි අතීතයේ පටන් පතල්කරුවන් අතර කටින්කට ප්‍රචලිත වෙමින්, පැවත එමින් පතල් කවි ලෙසින් ප්‍රසිද්ධ විය.

මතුපිටදී මෙන් හුස්ම ගැනීමට පහසු නොවූ, අඳුරු, උණුසුම් වතාශ්‍රයෙන් පිරි, යන්තම් හිස වදින නොවදින ප‍්‍රමාණයට කපා ගෙන ඇති ගල් දෝනාවක් දිගේ මිනිරන් කඩමින්, පොළොව මතුපිට සිට බඹ ගණනාවක් ගැඹුරු ඉසව්වක රැකියාවක් කරද්දී ඇතිවන දුක්බර හැගීම් පහත පතල් කවි තුළින් අපට මනාව පිළිබිඹු වේ.
පතලක සේවය කරන කම්කරුවෙක් (ඡායාරූපය අන්තර්ජාලයෙනි) |
ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පිය දකින්නට
වල ඇතුලේ සොල්දරෙ වාසනාවන්
සොල්දරෙ උඩින් දබරේ වාසනාවන්
දබරෙ උඩින් දම්වැල වාසනාවන්දුප්පත් අපට පතලේ වාසනාවන්
මිනිරන් පතල හරියට අපෙ ගෙදර වගේ
බත් දෙන කෝකි අප්පු අපෙ අම්ම වගේ
ලියන අප්පු පවුලේ ලොකු අයිය වගේ
ලෝඩර් ගොල්ල හරියට මහසෝන වගේ
කිරිමදු කොල කිරිමදු කොල කිරි අම්මේ
කිරට අඬන අත දරුවෙකි මම අම්මේ
අනුන් දෙන බතට වග බොහොමයි අම්මේ
ඈත හිටන් කටහඬ පානුය අම්මේ
පතල් කවි තුලින් හෙළිවන අතීත පතල්කරුවාගේ වතගොත කියවන්න මෙතැනින් ....
No comments:
Post a Comment