Pages

Wednesday, December 26, 2012

Huawei E153 ඩොන්ගල් එකක් Unlock කරගන්නේ මෙහෙමයි

Huawei E153 මාදිලියේ ඩොන්ගල් එකක් unlock කරගන්නේ කොහොමද කියලා ඔබත් හොය හොයා හිටියනම්, මේ පියවරවල් ඔබට ඉමහත් අස්වැසිල්ලක් වනවා නොඅනුමානයි.

ඔබ ලග ඇති ඩොන්ගල් එක පහසුවෙන් unlock කරගැනීමට නම්, පළමුවෙන්ම කලයුත්තේ එහි ඇති firmware එක update කරකර ගැනීමයි. ඒ සදහා පහත link එක click කිරීමෙන් Huawei firmware update software එක download කරගත හැකියි.


ඉන්අනතුරුව ඩොන්ගල් එක පරිගනකයට plug කර ගන්න. (ඔබ එය කලින් භාවිතා නොකල ඩොන්ගල් එකක් නම්, ඒ සමග එන Default software එක install කරගත යුතුමයි. නැත්නම් ඔබගේ පරිගනකය ඩොන්ගල් එක detect කර නොගනී) දැන් ඉහත link එකෙන් donwload කරගන්නා ලද E153Update software එක run කරන්න. යම් අවස්ථාවකදී ඔබගෙන් password එකක් විමසයි. (password එක අවශ්‍ය වනුයේ ඩොන්ගල් එකත් සමග එන firmware එක flash කර ගැනීමට හා අලුත් firmware එකට ඩොන්ගල් එක  update කර ගැනීමටයි.)  

Password එක ලබා ගැනීම සදහා Huawei modem/dongle unlock code calculator එකක් භාවිතා කලයුතු වෙනවා. මොහොතක් සයිබර් අවකාශයේ සොයමින් සැරිසැරුවොත් ඔබට මේ සදහා වඩාත්ම ගැලපෙන මෘදුකාංගයක් සොයා ගැනීම එතරම් අපහසු වෙන්නේ නැහැ. එසේ සොයද්දී ලැබුණු පහත link එකෙන් unlock code එක සහ flash code එක සොයාගත හැකියි. හැබැයි මේ සදහා ඔබට ඔබගේ ඩොන්ගල් එකේ අංක 15 කින් සමන්විත IMEI අංකය ඇතුලත් කලයුතු වෙනවා.  IMEI අංකය ඇතුලත් කල පසු ලබා දෙන flash code අංකය තමයි ඔබගේ මෘදුකාංගය update කර ගැනීමට අවශ්‍ය වන password එක වන්නේ.


Password එක ලබාදීමෙන් අනතුරුව software update වන අතර, update වූ ඩොන්ගලය ඕනෑම සිම්පතක් යොදා ගනිමින් භාවිතයට ගතහැකියි.  අපහසු නොවූ මේ ක්‍රියාවලිය ඔබට කෙදිනක හෝ ප්‍රයෝජනවත් නොවේදැයි ඔබම පරීක්ෂා කර බලන්න.

"Learn from yesterday, live for today, hope for tomorrow. The important thing is not to stop questioning. Curiosity has its own reason for existing." 
- Albert Einstein

No comments:

Post a Comment