නීල පැහැති ගුවන්කුස සිසාරා දිවෙන මධ්‍යයේ පිහිටි වී බිස්සක හැඩය ගන්නා ස්වේත වර්ණ ස්ථුපය, සර්පිලාකාර පඩි පෙළකින් සමන්විතයි. |
දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇදගත් ආකර්ශනීය කදු ශිකරයක පිහිටා ඇති අම්බුළුවාව, ගම්පොළ නගරයට පැමිණෙන ලොකු කුඩා සැමගේ සිත්සතන්වල සන්ධිස්ථානීය සලකුනක් සටහන් කෙරේ. මහනුවර දළදා මාළිගාව, ගාල්ල පෞරාණික බලකොටුව, නොඑසේනම් කටුනායක ගුවන්තොටුපල වැනි එකී ප්‍රදේශයනට පමණක් නාමික වූ සන්ධිස්ථානයක් වේ නම්, ඒ හා සමානවම ගම්පොළ නගරයට එය අම්බුළුවාව වේ. ගම්පොළ නගරයේ තැනින් තැන ගමන්ගනිද්දීත්, අවට ගම්මාන වලට දිවෙන මංමාවතක සැරිසරද්දීත් පැහැදිලිව දර්ශනය වන අම්බුළුවාව ශිකරය දිනපතා දකින ගම්පොළවාසී පදිංචිකරුවන්ට නොදැනෙන තරමටම තමන්ගේ දෛනික ජීවිතයේ එක් සංකේතාත්මක කොටසක් වුවත් අපට නම් දුටුපමණින් මෙය ආකර්ෂණීය නිර්මාණයක්.
අම්බුළුවාව ජීව විවිධත්වයෙන් සපිරි සංකීර්ණයක් මෙන්ම සර්ව ආගමික මධ්‍යස්ථානයක් ද වේ. |
ඈතින් පෙනෙන ගම්පොළ නගරය සහ අවට පෙදෙස හරිත පැහැයෙන් දිදුලන දර්ශනය චමත්කාරජනක වේ. |
සුපැහැදිලි කාලගුණයකින් හෙබි විවේකී සති අන්තයක, මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැදපුදාගත් අප ගම්පොළ,
දොළොස්බාගේ නගරය හරහා තුන්බාගේ, බුලත්කොහුපිටිය වෙත ගමන් කිරීමට අදහස් කල බැවින් ගම්පොළ නගරය හරහා ගමන් කිරීම අත්‍යාවශය වූ සාධකයක් වුණා. ගම්පොළ නගරය පසු කරගෙන යමින් සිටි අප නෙත් එක්වරම ගැටුනේ ඈතින් විරාජමානව දර්ශනය වන අම්බුළුවාව ස්තුපයයි. ඉතින් කෙසේ නම් මෙම සුන්දර ස්ථානය මගහැර යම් ද?
උයනේ පිහිටි මුස්ලිම් පල්ලිය, කෝවිල, දෙව්මැදුර, බෞද්ධ මන්දිරය හා බෝධිය යන සර්ව ආගමික මධ්‍යස්ථාන මෙහි සපැමිණෙන දේශීය සංචාරකයන්ගේ නිරතුරු වන්දනාමානයට පාත්‍රවේ. |
උයනේ පිහිටි හින්දු කෝවිල |
ඇතුළුවූ විට නිර්මාණය කර ඇති විවුර්ත ශ්‍රවනාගාරක්, ශ්‍රවනාගාරය තුලින් අහස උසට විහිදෙන ස්තුපයත්, ඊට ප්‍රතිවිරුද්ධ උයනේ පිහිටි මුස්ලිම් පල්ලිය, කෝවිල, දෙව්මැදුර, බෞද්ධ මන්දිරය හා බෝධිය යන සර්ව ආගමික මධ්‍යස්ථානත් අපට දකින්නට පුළුවන්. අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ
ශාකාවක අංකුරයක් මගින් රෝපණය කරන ලද්දේයයි සැලකෙන හරිත පැහැයෙන් දිදුලන අභිමානවත් බෝධීන් වහන්සේත් යාබදව පිහිටි බුද්ධ මන්දිරයත් වන්දනාමාන කරගැනීම මෙහි සපැමිණෙන දේශීය සංචාරකයන්ගේ සුලභ දසුනක්.
ඈතින් සුන්දරව ගලා බස්නා මහවැලි ගංගාව, අවිවේකී
ගම්පොළ නගරය හා අවට විරාජමානව පිහිටා තිබෙන්නා වූ කදු වළල්ල මොහොතකට සිත සමාධි ගතව, සුන්දරව නිදහසේ නැරබිය හැකි නිරීක්ෂණ ගොඩනැගිල්ලක් මෙහි එක් කෙළවරක පිහිටා තිබේ.
නීල පැහැති ගුවන්කුස සිසාරා දිවෙන, මධ්‍යයේ පිහිටි වීබිස්සක හැඩය ගන්නා ස්වේත වර්ණ ස්තුපය, සර්පිලාකාර පඩි පෙලකින් සමන්විතයි. සර්පිලාකාරාව පිහිටා ඇති
පඩි පෙළ ආරම්භයේ සිටම ක්‍රමයෙන් විහිදෙන අතර, එය ස්තුපය වටා ඉහලට නිමවා
තිබෙන්නේ අවට සුන්දරත්වය පිරික්සමින් ගමන් කිරීමටයි. මේ සදහා ඉඩකඩ සලසමින් එක්එක් මට්ටම් වලදී
ඉදිරියට නෙරා ගිය මෙන්ම ඇතුලට වන්නට පිහිටි කුටියක හැඩය ගන්නා කුඩා නැරබීම් කවුළු වලින්
සමන්විතයි.
පසෙකින් විරාජමානව පිහිටා තිබෙන්නාවූ කදු වළල්ල මොහොතකට සිත සමාධිගතව සුන්දරව නිදහසේ නැරබිය හැකි නිරීක්ෂණ ගොඩනැගිල්ලක් මෙහි එක් කෙළෙවරක පිහිටා තිබේ. |
සර්පිලාකාර පඩි පෙළ දිගේ ක්‍රමයෙන් ඉහලට නගිද්දී මා සමග සිටි බොහෝ
දෙනෙක්ගේ සිත් සලිත වී ඇති හෙයින්දෝ මගේ සිතත් ඉන් ඔබ්බට යාමට සිත් නොදිනි. අවාසනාවකට ස්තුපයේ ඉහලම තැනට ලගාවීමට මා වාසනාවන්ත නොවුනත්, මා දුටු ආශ්චර්යමත් දර්ශනය මා
ක්ලාන්ත නොකල බව නම් පුදුමය. සැබැවින්ම ස්වභාවධර්මයේ සුන්දරත්වයට ලැදි අප සිත් පිරී තිබුනේ සුන්දරත්වය අත්විදීමම බැවින් සුන්දරත්වයෙන් සපිරි මෙකී භූමියට සමුදී සියළු සුන්දර දේ සිත්හි රදවා ගනිමින් නැවතත් අපි අපගේ ගමනාන්තය බලා
ගමන් කිරීම ආරම්භ කළෙමු.
අම්බුළුවාව ගැන විචිත්‍රවත් වූ මෙම වීඩියෝවයුටියුබ් ජාලයේ Go Places Sri Lanka චැනලයෙන් උපුටා ගත්තකි.