
තමන්ගේ උවමනාවට ගැලපෙන පරිද්දෙන් ඉතා අඩු මිළකට උසස් තත්වයේ පරිගණකයක් හොද වෙළද ආයතනයකින් මිළදී ගැනීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් පහත කරුණු ඔබට යම් තරමකට හෝ උපකාරයක් වේවි.
- ඔබගේ ප්‍රායෝගික අවශ්‍යතාවයන්ට යෝග්‍ය පරිගණකයක් වීම
- ඔබට දැරිය හැකි මුදලක් වීම
- ඔබට ගැලපෙන නවතම මෘදුකාංග පිහිටුවා තිබීම
- උසස් වර්ගයේ උපාංග හා අමතර කොටස් සවිකර තිබීම
- ඔබ පරිගනකය මිළදී ගනු ලබන ආයතනය
- ඔබගේ පරිගණකයේ උපාංග හා අමතර කොටස් වලට වගකීම් සහතිකයක් තිබීම
- ඔබගේ පරිගණකය මිළදී ගත් ආයතනය ඔබට ලබා දෙන අලෙවියෙන් පසු සේවාව
- ඔබගේ පරිගණකයට උවමනා උපාංග පහසුවෙන් මිළදී ගැනීමට ඇති හැකියාව
මින් අදහස් කරන්නේ ඔබ විසින් මිළදී ගැනීමට බලාපොරොත්තු වන පරිගණකය කුමන අවශ්‍යතාවයක් සදහා යොදාගන්නේද යන්න පිළිබදව සැළකිලිමත් වියයුතු බවයි. එය ඔබගේ පාසල් වැඩ කටයුතු වලදී හෝ රාජකාරී කටයුතු වලදී ප්‍රයෝජන වන ලිපි ලේඛණ සෑදීමට පමණක් නම් ඒ සදහා භාවිතා කරනලද Pentium 4 වර්ගයේ පරිගණකයක් වුවත් සෑහෙන්න පුලුවන්. AutoCAD වැනි Computer Aided Designing මෘදුකාංග හෝ Adobe කාණ්ඩයේ Adobe Photoshop, Premier, Illustrator වැනි Graphic Designing මෘදුකාංග භාවිතා කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහා වැඩි ධාරිතාවයකින් යුතු Hard Disk එකක් සහ වැඩි Processor Speed එකක් ඇති පරිගණකයක් තෝරා ගැනීම සුදුසු වේවි.
No comments:
Post a Comment