මිනිරන් වාණිජමය වශයෙන් ප්ල්ම්බගෝ (Plumbago), බ්ලැක්ලෙඩ් (Black Lead) යනුවෙන් ද ව්‍යවහාරයේ දී භාවිතා වේ. නමුත් ඉංග්‍රීසියෙන් මිනිරන් හදුන්වනු ලබන්නේ ග්‍රැෆයිට් (Graphite) යන නමින්. 1749 සැප්තෑම්බර් 25 දින උපත ලද ජර්මන් ජාතික භූවිද්‍යාවරයෙකු වූ ඒබ්‍රහම් ගොට්ලොබ් වර්නර් (Abraham Gottlob Werner) නැමැත්තා විසින් 1790 දී සිදුකරන ලද ඛනිජ වර්ගීකරණයේදී මිනිරන් වලට ග්‍රැෆයිට් (Graphite) යන නාමය මුලින්ම හදුන්වාදෙන ලද බව සැලකේ. ජර්මන් භූගෝල ශාස්ත්‍රයේ පියා ලෙසින් ජර්මනියේ විරුදාවලිය ලත් මොහු විසින් ඛනිජමය පාෂාණ ක්‍රමානුකූලව හදුනාගැනීමේ හා කාණ්ඩ කිරීමේ ක්‍රමවේදයක් මුලින්ම හදුන්වාදී ඇති අතර, ඔහු විසින් ලියා ප්‍රසිද්ධ කරන ලද අත්පොත ඛණිජ පාෂාණ පිළිබදව ලියා පලකරනලද මුල්ම මුද්‍රණය ලෙසද සැලකේ.
කඩා පිරිසිදු කරන ලද මිනිරන් |
මිනිරන්, යම් යම් සුලු අපද්‍රව්‍යයන් හැරුණු කොට සම්පූර්නයෙන්ම කාබන් මූලද්‍රව්‍යයෙන් සැදි ඇති ඛනිජ ද්‍රව්‍යයකි. සම්මත තත්ව යටතේ වඩාත්ම ස්ථායි කාබනික සංයෝගය ලෙස සැළකෙන්නේද මිනිරන් වේ. මෙකී මිනිරන් ප්‍රධාන වර්ග තුනකට බෙදා දැක්විය හැකියි. එය පහත පරිදි වේ.
1. කුට්ටි හෝ පතුරු මිනිරන් (Lump graphite/Vein graphite)
2. පියලි මිනිරන් (Crystalline flake graphite)3. අස්ඵටික මිනිරන් (Amorphous graphite)
මින් ශ්‍රී ලංකාවේ හමුවන්නේ පළමු වර්ගය වන කුට්ටි හෝ පතුරු මිනිරන් වන අතර, මෙම වර්ගයද ස්ඵටිකරූපී හා අස්ඵටිකරූපී ලෙසට වර්ග කළහැකිය. මිනිරන් සමග ස්වාභාවිකව හමුවන වෙනත් ඛනිජ වර්ග වලට උදාහරණ ලෙස ක්වාට්ස් (තිරුවාන), කැල්සයයිට්, මයිකා (තලාතු මිනිරන්), පයිරයිට්, යකඩ ඔක්සයිඩ්, සිලිකේට යන ඛනිජ වර්ග හැදින්විය හැක.
එමෙන්ම මිනිරන් බහුලව හමුවන්නේ විපරීත පාෂාණයන් අතර බව සැළකේ. විපරීත පාෂාණ යනු ඉතා ඉහළ උෂ්ණත්ව හා පීඩන තත්ත්ව යටතේ පොලොව මතුපිට වූ පාෂාණ ස්ථරයේ චලනයන්ට හසුවීමෙන් නිර්මාණය වූ නව පාෂාණ වර්ගයකි. වඩාත් සාරවත් මිනිරන් ඉල්ලම් ඉතා අධික ලෙස විපරීතයනට භාජනයවූ පාෂාණ අතර හෝ තුල හටගනී. එවැනි අධික විපරීත තත්වයනට භාජනයවූ පාෂාණයන් වලට උදාහරණ වනුයේ ග්නයිසිස්, ශිස්ට් හා හුණුගල් වේ. ඉතා සාරවත් මිනිරන් ඉල්ලම් මේ පාෂාණ අතර පිහිටනු ඇති බවට සැලකේ.
ශ්‍රී ලංකාවේ පිහිටන මෙකී සාරවත් ඉල්ලම් මිනිරන්, මිහිතුල ඛනිජයක් වශයෙන් බොහෝවිට දක්නට ලැබේ. වඩාත් ගුණාත්මක උසස් තත්වයෙන් යුතු ඉල්ලම් මිනිරන් කැණීම් සිදුකරනු ලබන එක් පෞද්ගලික ආයතනයක් ලෙසට කෑගල්ල දිස්ත්‍රික්කයේ, අරුග්ගම්මන ග්‍රාමයේ පිහිටා ඇති බෝගල මිනිරන් පතල හැදින්විය හැකිය. මෙයට අමතරව රාජ්‍ය ආයතනයක් වූ කහටගහ මිනිරන් පතලත්, පෞද්ගලික හිමිකරුවකු සතුවූ රාගෙදර මිනිරන් පතලත් ස්වභාවික මිනිරන් කැණීම් සිදු කෙරෙන අනෙකුත් ප්‍රසිද්ධ ස්ථානයන් බවට සැළකේ. විපරීත පාෂාණයන් තුළ ස්වභාවිකව පිහිටා ඇති මිනිරන් කැණීම් තුළින්, ස්වභාවික මිනිරන් නිෂ්පාදනය සිදු කෙරෙන අතර, කෘතීමවද මිනිරන් නිෂ්පාදනය කල හැකිය. කෘතීමව මිනිරන් නිෂ්පාදනය සිදුකරනුයේ පෙට්‍රෝලියම් සහ කෝක් අගුරු විදුලි ඌස්මකයක දහනය කිරීමෙනි. මිනිරන් වලින් විවිධාකාර වූ ප්‍රයෝජන ගත හැකි නිසා කාර්මික ඛනිජ අතරින් මිනිරන් වලට විශාල ඉල්ලුමක් පවතී. එහෙත් ස්වාභාවිකව හමුවන මිනිරන් හා කෘතීම මිනිරන් අතර පවතින පැහැදිලි වෙනස්කම් නිසා මේ දෙක අතර සමාන තරගකාරීත්වයක් නොපවතී. කෘතීම අන්දමින් සාදන මිනිරන් වර්ග වල ඒවායේ නිෂ්පාදන පිරිවැය වැඩි නිසා අඩු ඉල්ලුමක් ද, ස්වභාවික මිනිරන් ඉල්ලම් වලින් හෝ නිධි වලින් අඩු නිෂ්පාදන පිරිවැයකින් උසස් ගුණාත්මක තත්වයෙන් නිපදවන නිසාත් එය කාර්මික කටයුතු වලදී වඩාත් ගුණාත්මකව යොදාගත හැකි නිසාත් ස්වභාවික මිනිරන් සදහා වැඩි ඉල්ලුමක් ද පවතී.
පොතපත ඇසුරින් සකස්කරන ලද්දකි.
සබැදි ලිපි:
2) බෝගල මිනිරන් පතල | History of Bogala Graphite Mines
3) පතල් කවි තුලින් හෙළිවන අතීත පතල්කරුවාගේ වතගොත
4) පතලක් තුලදී ඇතිවන හැගීම් කවියක් ලෙසින් - පතල් කවි (Pathal Kavi) I
5) පතලක් තුලදී ඇතිවන හැගීම් කවියක් ලෙසින් - පතල් කවි (Pathal Kavi) II
No comments:
Post a Comment