තවත් එක් විවේකී දිනයක අපේ සූදානම ඓතිහාසික කන්ද උඩරට රාජධානියේ සොදුරුතමවුත්, පූජනීයවූත් බෞද්ධ ස්ථානයක් නැරබීමට යාමටයි. ඒ පුරාවිද්‍යාඥයින්ගේ මෙන්ම සුවහසක් කලාකාමී හදවත් ආමන්ත්‍රනය කල, බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ පූජනීය ගඩලාදෙණිය රජමහා විහාරය නැරඹීමටයි. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මහනුවර දෙසට වන්නට හමුවන පිළිමතලාව නම් වූ නගරයෙන් හැරී දවුලුගල මාර්ගයේ ටික දුරක් යන විට පූජනීය ගඩලාදෙණිය රජමහා විහාරය අපට හමුවේ.
පළමුවෙන්ම විහාරගෙයට ඇතුලුවී බුදුපුදසුන මත අප රැගෙන ආ මල් තබා එකත්පසව හිදගැනීමෙන් අනතුරුව, පන්සිල් අනුමෝදන් කිරීම සිදුකරනු ලබන්නේ ගඩලාදෙණිය විහාරවාසී හිමිනමක් විසිනුයි. උන් වහන්සේගේ ධර්මදේශනයට අනුව මෙම ස්ථානයට ගඩලාදෙණිය යන නම ලැබී ඇති ආකාර දෙකකි. ඉන් එක් මතයක් නම් විහාරස්ථානයට ආසන්නයේ පිහිටි දෙණිය නැමැති ස්ථානයෙන් මෙම විහාරය ඉදිකිරීම සදහා අවශ්‍ය ගල්කඩාගෙන ආ බැවින් මුලින්ම කඩලාදෙනිය නමින් හැදින්වී පසුව ව්‍යවහාරයේදී කඩලාදෙනිය යන්න ගඩලාදෙණිය නමින් භාවිතයට ගැනීමයි. එමෙන්ම තවත් මතයක් වී ඇත්තේ විහාරගෙට අවශ්‍ය ගල පිහිටි දෙණිය නම් වූ ස්ථානයේ ගඩොල නමින් අල වර්ගයක් උඩට මතුවූ බැවින් ගඩොල ආදෙණිය පසුව ගඩොලාදෙණිය හා භාවිතයේදී ගඩලාදෙණිය නම්වී යැයිද සැළකේ.
පැරණිතම ගොඩනැගිල්ල ලෙස සැළකෙන ගඩලාදෙණිය රජමහාවිහාරයේ ඇති විහාරගෙය |
ගඩලාදෙණිය රජමහා විහාරයට ඇතුලුවන ද්වාරයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සවිකර ඇති දැන්වීම් පුවරුවේ සදහන් වන අන්දමට මෙය ගම්පොළ යුගයේ ඉදිකරන ලද්දකි. නිකාය සංග්‍රහයට අනුව සද්ධර්මතිලක නමින් හදුන්වා ඇති මෙම විහාරය 4වන බුවනෙකබාහු රජුගේ රාජ්‍ය සමයේ දකුණු ඉන්දීය විජය නගර් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ක්‍රි.ව. 1344 දී ගොඩනංවන ලද විහාරස්ථානයකි. මෙහි ඇති විහාරගෙය පැරණිතම ගොඩනැගිල්ල ලෙස සැළකෙන අතර ගෙඩිගේ සම්ප්‍රදායෙන් යුතුව නිමවූ ශෛලමය ඉදිකිරීමකි. ගෙඩිගේ සම්ප්‍රදායෙන් යුතුව ඉදිවූ මෙම ඉදිකිරීම හා සමාන ලක්ෂණ මහනුවර නාථ දේවාලයේ හා නාලන්දා ගෙඩිගේ ආශ්‍රිතවද දැකිය හැකි බවට එහි සදහන්. පසුකාලීනව එනම් ක්‍රි.ව. 1412-1467 රජ පැමිණි ඩස වන පරාක්‍රමබාහු රජු විසින් ප්‍රතිසංස්කරණයන් සහිතව හුණු පිරියම් කිරීමක්ද සිදුකර ඇතිබැව් පැවසේ. ක්‍රි.ව. 1707-1739 යුගයේ රජ පැමිණි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් වැලිවිට සරණංකර මාහිමියනට සන්නසක් මගින් මෙම විහාරය පවරා තිබේ.
බුවනෙකබාහු රජු රාජ්‍ය පාලනය කරන සමයේ රාජානුග්‍රහය ඇතිව ධර්මකීර්ති නම් වූ හිමිනමක් විසින් වැඩිදියුණු කොට නිමකල හෙයින්ද ශ්‍රී සද්ධර්මයට තිලකයක් බදු වු මෙම විහාරස්ථානය අද ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රජමහා විහාරය නමින් හැදින්වේ. ගම්පොළ රාජධානි යුගයේදී ගොඩනගන ලද විහාර අතරින් අදටත් අපට දක්නට ලැබෙන්නේ ගඩලාදෙනිය හා ලංකාතිලකය පමණක් වන අතර මේවා ඉදිකිරිමේදී දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආභාෂය හා සම්මිශ්‍රණය නොමදව ලැබී තිබේ.
ශෛලමය උස් අඩිතාලමක් මත ගොඩ නංවා ඇති විජයෝත්පාය චෛත්‍ය රාජයාණන් වහන්සේ |
විහාරගෙයට ඇතුලුවන ස්ථානයේ ඇති මෙය ශෛලමය ත්‍රිත්ව කුළුණ නමින්ද හැදින්වේ. |
ඉහත ඡායාරූපයෙන් දක්නට ලැබෙන්නේ ප්‍රධාන විහාරගෙයට ඇතුලුවන ස්ථානයේ ඇති අති විශිෂ්ට කලා නිර්මාණයක් වන දැවැන්ත ගල්කණු දෙකෙන් එකක සමීප සේයා රුවක්. ශෛලමය නිර්මාණයක් වන මෙහි ප්‍රධාන කුළුණටම සම්බන්ධ වන්නට තනා ඇති තවත් කුඩා කුළුණු දෙකක් දක්නට ලැබේ. එනිසා මෙය ශෛලමය ත්‍රිත්ව කුළුණ නමින්ද හැදින්වේ.
මෙවන් උසස් කලාත්මක වටිනාකමකින් සමන්විත මේ පුණ්‍යභූමියේ දක්නට ලැබෙන ශිලාලේඛණ මගින් අපට උරුමවුණු සාඩම්බර ඉතිහාසයක කරුණු විදහාදක්වයි. මෙවන් වටිනා ඓතිහාසික තොරතුරු සම්භාරයක් සවිස්තරාත්මකව අප වෙත පහදාදුන් විහාරවාසී හිමියන්ට අපගේ හර්‍දයාංගම කෘතඥතාවය පුදකරමින්, ප්‍රෞඩ ජාතියක උසස් කලා නිර්මාණයන් අදටත්, මතුපරපුරටත් උරුම කරදීම නරඹන අප සැමගේ යුතුකමක් පමණක් නොව වගකීමක්ද වන බවට සිත්හි රදවා ගනිමින් මේ පුණ්‍ය භූමියෙන් අපි සමුගත්තෙමු.
මෙවන් උසස් කලාත්මක වටිනාකමකින් සමන්විත මේ පුණ්‍යභූමියේ දක්නට ලැබෙන ශිලාලේඛණ මගින් අපට උරුමවුණු සාඩම්බර ඉතිහාසයක කරුණු විදහාදක්වයි. මෙවන් වටිනා ඓතිහාසික තොරතුරු සම්භාරයක් සවිස්තරාත්මකව අප වෙත පහදාදුන් විහාරවාසී හිමියන්ට අපගේ හර්‍දයාංගම කෘතඥතාවය පුදකරමින්, ප්‍රෞඩ ජාතියක උසස් කලා නිර්මාණයන් අදටත්, මතුපරපුරටත් උරුම කරදීම නරඹන අප සැමගේ යුතුකමක් පමණක් නොව වගකීමක්ද වන බවට සිත්හි රදවා ගනිමින් මේ පුණ්‍ය භූමියෙන් අපි සමුගත්තෙමු.