පරිගණකය නූතන සමාජයේ මිනිසාගේ මූලික අවශයතාවයක් වන තරමටම එදිනෙදා ජීවිතයට බද්ධ වී තිබේ. තරුණ සමාජයේ පරිගණක සාක්ෂරතාවයද ක්‍රමයෙන් ඉහළ නගිමින් පවත්නා යුගයෙක බහුතරයක් වෙර දරන්නේ තමන්ටම කියා පරිගණකයක් මිළදී ගැනීමටයි. පරිගණකයක් මිළදී ගැනීමට යාමේදී බොහෝ දෙනෙක් තමන් නොදන්නා කරුණු කාරනා රාශියකින් හෙම්බත් වී තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ පුද්ගලයන්ගෙන් මේ පිළිබදව සොයා බලා තොරතුරු එක්රැස්කර ගැනීම සුලභයි. එහිදී තමන් මිළදී ගැනීමට යන පරිගණකය කුමන විදිහේ පරිගණකයක්ද? එහෙමත් නැතිනම් මිළදී ගන්නා පරිගණකය ගතයුත්තේ කුමන වෙළද ආයතනයකින්ද? ගත්තොත් එය ගත්මුදලට වටීද? යන කරුණු රාශියක් මූලිකව සිතතුළ බලපැවත්වෙනවා. තවත් සමහරෙක්, වෙළදපොලේ පවතින හොදම පරිගණකයක් ඉතාම වැඩි මිළකට මිළදී ගැනීමට හෝ භාවිතා කරනලද ආනයනයික පරිගණකයක් ඉතා අඩු මුදලකට හෝ මිළදී ගැනීමට පෙළබෙති. එසේ අනාවබෝධයෙන් හදිසියේ පරිගණකයක් මිළදී ගෙන පසුව මැසවිළි නගමින් දුක්වනවාට වඩා තමන්ගේ සිතට හැගෙන පරිදි යමක් තේරුම් ගෙන තමනට වඩාත් ගැලපෙනම පරිගණකයක් මිළදී ගත හැකිනම් එය සිතටත් තෘප්තියක්.
තමන්ගේ උවමනාවට ගැලපෙන පරිද්දෙන් ඉතා අඩු මිළකට උසස් තත්වයේ පරිගණකයක් හොද වෙළද ආයතනයකින් මිළදී ගැනීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් පහත කරුණු ඔබට යම් තරමකට හෝ උපකාරයක් වේවි.
තමන්ගේ උවමනාවට ගැලපෙන පරිද්දෙන් ඉතා අඩු මිළකට උසස් තත්වයේ පරිගණකයක් හොද වෙළද ආයතනයකින් මිළදී ගැනීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් පහත කරුණු ඔබට යම් තරමකට හෝ උපකාරයක් වේවි.
- ඔබගේ ප්‍රායෝගික අවශ්‍යතාවයන්ට යෝග්‍ය පරිගණකයක් වීම
- ඔබට දැරිය හැකි මුදලක් වීම
- ඔබට ගැලපෙන නවතම මෘදුකාංග පිහිටුවා තිබීම
- උසස් වර්ගයේ උපාංග හා අමතර කොටස් සවිකර තිබීම
- ඔබ පරිගනකය මිළදී ගනු ලබන ආයතනය
- ඔබගේ පරිගණකයේ උපාංග හා අමතර කොටස් වලට වගකීම් සහතිකයක් තිබීම
- ඔබගේ පරිගණකය මිළදී ගත් ආයතනය ඔබට ලබා දෙන අලෙවියෙන් පසු සේවාව
- ඔබගේ පරිගණකයට උවමනා උපාංග පහසුවෙන් මිළදී ගැනීමට ඇති හැකියාව
මින් අදහස් කරන්නේ ඔබ විසින් මිළදී ගැනීමට බලාපොරොත්තු වන පරිගණකය කුමන අවශ්‍යතාවයක් සදහා යොදාගන්නේද යන්න පිළිබදව සැළකිලිමත් වියයුතු බවයි. එය ඔබගේ පාසල් වැඩ කටයුතු වලදී හෝ රාජකාරී කටයුතු වලදී ප්‍රයෝජන වන ලිපි ලේඛණ සෑදීමට පමණක් නම් ඒ සදහා භාවිතා කරනලද Pentium 4 වර්ගයේ පරිගණකයක් වුවත් සෑහෙන්න පුලුවන්. AutoCAD වැනි Computer Aided Designing මෘදුකාංග හෝ Adobe කාණ්ඩයේ Adobe Photoshop, Premier, Illustrator වැනි Graphic Designing මෘදුකාංග භාවිතා කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහා වැඩි ධාරිතාවයකින් යුතු Hard Disk එකක් සහ වැඩි Processor Speed එකක් ඇති පරිගණකයක් තෝරා ගැනීම සුදුසු වේවි.